අම්පාර මහ රෝහලේ සෞඛ්‍ය සේවකයෙක් අයිස් සමග අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටිය අම්පාර මහ රෝහලේ සෞඛ්‍ය සහායක සේවකයෙකු අම්පාර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල රෝහල් සේවකයා කලක සිට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පොලීසියට ලද පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු නවාතැන් ගෙන සිටින ස්ථානය පරීක්ෂා කිරීමේදී ඔහු මෙලෙස මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අම්පාර මහේස්ත්‍රාත් චතුරිකා චන්ද්‍රතිලක විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටයි නියම කළේ. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියමයෙන් සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් පරිදි මෙම වැටලීම ක්‍රියාත්මක වුණා.
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ප්‍රියන්ත බංඩාර කස්තුරි ආරච්චිගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරී සම්පත් වික්‍රමාරච්චි සහ අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ඉන්ද්‍රජිත් ගුණවර්ධන යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා එක්ව තිබුණා.
අම්පාර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයේ උප පොලිස් පරීක්ෂක එම්. ශාන්ත කුමාර, පොලිස් සැරයන්වරුන් වන (15991) නන්දන, (43151) ජයසිරි, (73734) ගුණවර්ධන, (2632) රත්නායක සහ කාන්තා පොලිස් කොස්තාපල් (12423) මදුෂාණි යන නිලධාරීන් වැටලීමට දායක වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මූලස්ථාන පොලිසිය විසින් අම්පාර මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංග චන්ද්‍රතිලක දැනුවත් කර ඇති අතර, වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා කිරීමට පියවර ගත් බවයි සඳහන්.