පැය දෙකක් සිර කර දැමූ දිස්ත්‍රික් ලේකම්වරයා..

Ampara Sri Lanka
By Sewvandhi Oct 19, 2023 03:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාව කල්මුණේ ප්‍රදේශවාසීන් විසින් පැය 2කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිරකර තබාගෙන සිට ඇත.

අද(19) පෙරවරුවේ අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා කල්මුණේ උතුර ප්‍රාදේශිය උප ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානය වටලා තිබේ.

එහිදී මෙලෙස පැය දෙකකට ආසන්න කාලයක් දිස්ත්‍රික් ලේකම්වරයා එම කාර්යාලයේ සිරවී සිට ඇත.

ප්‍රදේශයේ ජනතාවට සම්පත් බෙදීයෑම අසාධාරණ බවට චෝදනා කරමින් මෙලෙස ඒ මහතාව සිරිකර තබාගෙන ඇත. කෙසේවෙතත් පසුව මෙම ගැටලුවට විසදුමක් ලබාදෙන බවට දිසාපතිවරයා පොරොන්දුවීමත් සමග ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

ReeCha