"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිවේ!

Government Of Sri Lanka Economy of Sri Lanka Sinhala news
By Shehan Apr 22, 2025 06:38 AM GMT
Shehan

Shehan

Report

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අවම කිරීමේ අරමුණින් "ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන යටතේ, සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන, නිවසක් ඉදිකිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා ඉදිකිරීමේ ප්‍රගතිය මත ආධාර මුදලක් ලබා දෙනු ලැබේ.

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

තෝරාගත් ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදිකළ යුතු වන අතර, රජය විසින් ලබාදෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල ප්‍රතිලාභියා විසින් දැරිය යුතුය.

වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/- වූ නමුත්, දැන් එය රුපියල් 1,764,000/- දක්වා ඉහළ ගොස් ඇත.

ක‍්‍රිකට් ක‍්‍රීඩක මලින්ත වර්ණපුර දේවගැතිවරයෙකු බවට පත් කෙරේ!

ක‍්‍රිකට් ක‍්‍රීඩක මලින්ත වර්ණපුර දේවගැතිවරයෙකු බවට පත් කෙරේ!

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට බොහෝ ප්‍රතිලාභීන්ට ආර්ථික හැකියාවක් නොමැති බැවින්, දැනට ලබාදෙන රුපියල් 650,000/-ක ආධාර මුදල රුපියල් 1,000,000/- දක්වා වැඩි කිරීමේ යෝජනාව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

ReeCha