විදෙස් රට වල නිශ්පාදිත පතොරම් තොගයක් විකුණන ගිහින් මිතුරන් දෙදෙනා මාට්ටු වූ හැටි.(VIDEO)

Sri Lanka Police Sri Lanka
By Wayomi Sep 11, 2023 07:40 AM GMT
Wayomi

Wayomi

Report

 බෝර 12 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා කරන විදෙස් රට වල නිශ්පාදිත පතොරම් 40 ක් අලෙවි කිරීම සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනකු එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, එප්පාවල අලුත්වැව ගල්ලෑව ප්‍රදේශයේ හා රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ කර ජීවත් වන පුද්ගලයින් බවත්,එහිදී දැන හදුනාගත් මොවුන් දෙදෙනාගෙන්, රාගම පදිංචි පුද්ගලයා සතුව මෙම බෝර 12 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා කරන විදෙස් රට වල නිශ්පාදිත පතොරම් තිබෙන බව පවසා ඒවා විකුණා දෙන ලෙස එප්පාවල, ගල්ලෑව පදිංචි පුද්ගලයාට පවසා තිබෙනවා.

විදෙස් රට වල නිශ්පාදිත පතොරම් තොගයක් විකුණන ගිහින් මිතුරන් දෙදෙනා මාට්ටු වූ හැටි.(VIDEO) | Ammunition Manufactured In Foreign Countries

එප්පාවල, අලුත්වැව, ගල්ලෑව වැනි ප්‍රදේශ වල වන අලි තර්ජන මෙන්ම, දඩයක්කරුවන්ද බහුලව ගැවසෙන බැවින් ඒවා හොඳ මිලකට අලෙවි කළ හැකි බව පවසා ඒවා රැගෙන එන ලෙස පවසා ඇත.

ඒ අනුව ඊයේ (10) පස්වරුවේ රාගම සිට එප්පාවලට බස් රථයෙන් පැමිණ, ගල්ලෑව ප්‍රදේශයේ මිතුරාගේ නිවසට ගොස්, ඒවා අලෙවිය සඳහා අලුත්වැව, වැව් බැම්ම මතින් යමින් සිටියදී එප්පාවල පොලීසිය අත්අඩංගුවට ගැනුණා.

පොලිස් නිළධාරීන් ඔවුන් සතුව තිබූ කරේ දමා ගෙන යන පාසල් බෑගය පරික්ෂා කිරීමේදී එම බෑගය තුළ කවරයක ඔතා තිබූ යකඩ බහාලුමක අසුරා තිබූ මෙම පතොරම් 40 සොයා ගැනුණා.

විදෙස් රට වල නිශ්පාදිත පතොරම් තොගයක් විකුණන ගිහින් මිතුරන් දෙදෙනා මාට්ටු වූ හැටි.(VIDEO) | Ammunition Manufactured In Foreign Countries

අදාළ පතොරම් හංගේරියාවේ සහ එංගලන්තයේ නිශ්පාදිත පතොරම් වන අතර හංගේරියාවේ නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා කරන පතොරම් 13 ක් හා එංගලන්තයේ නිෂ්පාදිත පතරොම් 27 ක් ලෙස පතොරම් 40 ක් මෙලෙස සොයා ගත් බවයි පොලිසිය කියා සිටියේ.

මෙම පතොරම් ලැබුනේ කෙසේදැයි සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී පවසා ඇත්තේ රාගම පදිංචි සැකකරු හාමුවරයකුට අයත් වත්තක සේවය කර ඇති බවත්, අදාළ හාමුමිය ගිය පසු ඔහු සතුව තිබූ පතොරම් තමා ගෙන ආ බවත්ය.ඒවා තමන්ටද වැඩක් නොමැති නිසා එප්පාවල ප්‍රදේශයේ මිතුරා හරහා අලෙවි කිරීමට රැගෙන ආ බවත්ය.

කෙසේ නමුත් සැකකරුගේ ප්‍රකාශය පිළිගත නොහැකි බවත්, අදාළ පතොරම් පැරණි ඒවා නොවන බවත්, ඒවා මෑතකදී නිශ්පාදිත පතරොම් බවත් පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා පතොරම් අද (11) තඹුත්තගේම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා. 

විදෙස් රට වල නිශ්පාදිත පතොරම් තොගයක් විකුණන ගිහින් මිතුරන් දෙදෙනා මාට්ටු වූ හැටි.(VIDEO) | Ammunition Manufactured In Foreign Countries


ReeCha