ජනප්‍රිය නළු අමිල අබේසේකරගේ උපන්දිනයට ආදරණීය බිරිද හිම වැස්සේ දීපු අපූරු සප්‍රයිස් එක..(PHOTOS )

actor birthday gossip Amila Abeysekara Theja Jayawardhana
By Sewvandhi Mar 05, 2022 06:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ රටේ පුංචි තිරයේ වගේම සිනමා ක්ෂේත්‍රයේත් ඉතාම ජනප්‍රිය හැමෝම ආදරය කරන කලාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අමිල අබේසේකර කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම පබා ටෙලිනාට්‍ය හරහා කාගේත් ආදරය දිනා ගත් මේ ආදරණීය රංගන ශිල්පියා මේ වෙනවිට විවාහ වෙලත් වසර ගණනාවක් වෙනවා. කොහොම නමුත් අමිල අබේසේකර කියන රංඟන ශිල්පියාව අපට මුණගැහෙන්නේ මීට වසර විස්සකට විතර ඉහතදී.

එදා දැකපු අමිල තවමත් පෙම්වතාගේ චරිත නිරූපණය කරනවා. ඉතින් ඒ තරම් ඔහු කඩවසම් කියන දේ කාටත් රහසක් නම් නෙවෙයි. ඉතින් මේ දක්ෂ ජනප්‍රිය කළා කරුවා ඉපදිලා තියෙන්නේ 1983 මාර්තු 7 වනදා මහනුවරදී උනත් පසුව වයස අවුරුදු 10 දී මෙයාලා මහනුවර අතැරලා මහාරගමට පදිංචියට යනවා.

ඉතින් ඒ වගේම ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. ඉතින් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පටන් ගත් ඔහු පසුව මහාරගම ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ වගේම සිනමාවේ සහ රූපවාහිනියේ දකින්න ලැබෙන කඩවසම් දක්ෂ නළුවෙක් වන අමිල අබේසේකර 2009 දී වඩාත්ම ජනප්‍රිය නළුවාට හිමි සම්මානයද දිනාගෙන තියනවා.

ඉතින් ඒ වගේම ඔහුගේ ආදරණීය සුරූපී බිරිද ගුවන් සේවිකාවක් වන තේජා ජයවර්ධන කියලත් මේ වන විට හැමෝම දන්නා දෙයක්. ඉතින් පහුගිය කාලයේ අපි දන්න කියන රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් කළා කරුවන් බොහෝ දෙනෙක් රූගතවීම් අඩාලවීම් වලට වගේම නිර්මාණ කරනයන්ගේ ප්‍රචාරණ කටයුතු වලටත් අඩාලවීම් වලට මුහුණ දෙන්නට සිදුවුණා.

ඉතින් වසංගතය නිසා අමිලටත් පහුගිය දවස් වල බොහෝ කරදර වලට මුහුණ දෙන්න සිදුවුණා කියලයි අපිටනම් ආරංචි උනේ. ඉතින් අමිල සහ තේජා කියන්නේ කොහොමත් හැමෝම දන්න විදිහට ලෝකේ වටේ ඇවිදින්න ගොඩක් ආස කරන දෙන්නෙක්. ඉතින් මේ දෙන්නා ලංකාවේ ඉන්නවාට වැඩිය ඉන්නේ නම් පිටරටවල් වල වුනත් මොහු ටෙලිනාට්‍ය වල වැඩනම් මගහරින කෙනෙක් නෙමෙයි.

ඉතින් මේ අපූරු රංගන ශිල්පියාගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඔහුගේ උපන්දිනය යුරෝපයේ ඉදන් ඔහුගේ ආදරණීය බිරිඳත් බොහොම අපූරුවට සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ජනප්‍රිය කඩවසම් නළු අමිල අබේසේකරට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha