කැනඩාවේ ලැව්ගිනි වලින් ඇමෙරිකාවට අවදානම් තත්වයක්.
United States of America
Canada
Fire
Wildfire
By Wayomi
කැනඩාව පුරා පැතිර යන ලැව් ගිනි දුමාරය හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවරට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
සෞඛ්‍ය අංශු අනතුරු අඟවන්නේ, මෙම තත්ත්වය හමුවේ නගරයේ වාතයේ ගුණත්වය අනතුරුදායක මට්ටම් කරා ළඟා වෙමින් පවතින බවයි.
එම නිසා නිවසින් පිටත ව්‍යායාම්වල නිරත වීමෙන් වලකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබෙනවා.
කැනඩාව පුරා මේ වනවිට ලැව් ගිනි 414ක් වාර්තා වෙනවා.
ඉන් බහුතරය පාලනයෙන් තොර අතර විශේෂයෙන් කුබෙක් ප්‍රාන්තයේ පමණක් ලැව් ගිනි 150ක් පමණක් වාර්තා වෙනවා.
මෙම ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ හෙක්ටයාර් මිලියන 3.8ක් විනාශ වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |