22 හැවිරිදි තරුණියක් බසයේ කරන අමුතුම රස්සාව.. නගින්න…නගින්න…අම්බලන්ගොඩ…”
ගාල්ල බස් නැවතුම්පොලේදී අප සවනත වැකුණු මේ ලළනා හඬ බසයකට මගීන් ගොඩ කරවන කොන්දොස්තරවරියකගේ කථාවක්.
ඇය අපොස උසස් පෙළ සමත් වුවත් සරසවි යන්නට වරම් නොලැබ වෘත්තීය පුහුණු අධිකාරියේ මෝටර් රථ කාර්මික ශිල්පය හදාරණ 22 හැවිරිදි තරුණියක්.
“අම්බලන්ගොඩ…අම්බලන්ගොඩ…” කියමින් කෑගසන ඇය ළඟට අප ගියෙමු.
“මහත්තයා නගින්න නගින්න… දැන් යනවා දැන් යනවා…” කියූ ඇය අම්බලන්ගොඩ අම්බලන්ගොඩ කියමින් යළි කෑගසන්නට වූවාය.
“අපි ආවේ අම්බලන්ගොඩ යන්න නොවෙයි. ඔයත් එක්ක ටිකක් කතා කරන්න…” අපි කිවෙමු.
අප කව්ද යන්න පැහැදිලි කරදීමෙන් පසු මෙවැනි රැකියාවක් තෝරා ගන්නට සිදුවීම ගැන ඇය මෙසේ කීවාය. “මගේ නම කේ. අසේකලා මධුවන්ති.
ගම රත්ගම. මම උසස් පෙළ දක්වා රත්ගම දේවපතිරාජ විදුහලේ ඉගෙන ගත්තා. ඒත් විශ්ව විද්‍යාලයට ඇතුලු වෙන්න බැරි වුණා.
ඊට පස්සේ මම වෘත්තීය පුහුණු අධිකාරියේ ඔටෝ මොබයිල් ටෙක්නිසියන්(මෝටර් රථ කාර්මික ශිල්පය)පාඨමාලාව හදාරන්න ඇතුළු වුණා.
පාඨමාලාව අවුරුදු එකහමාරයි. තව මාස දෙකක් තිබෙනවා. මගේ අම්මයි තාත්තයි මේ වන විට අසනීප තත්වයෙන් ඉන්නේ. පවුලේ එකම දරුවා මමයි.
ඉතින් අම්මයි තාත්තයි රැකබලා ගන්න වෙලා තියෙන්නේ මටයි. ඒ හින්දා සතියේ නිවාඩු දවස්වල මේ බස් එකේ කොන්දොස්තර වැඩේ කරන්න මගේ යාලු අයිය කෙනෙක් කතා කරල දුන්නා.
මම සතුටින් මේ රස්සාව කරනවා. ඒත් සමහර පිරිමි බලන්නේ අමුතු විදියටයි.
සමහර පිරිමි කොන්දොස්තර අයියලාගෙන් රුපියල දෙක ඉතිරි සල්ලි ඉල්ලුවේ නැති වුණාට මගෙන් කොහොම හරි ගන්න බලනවා.
මම දැන් කොන්දොස්තර බලපත්‍රයකුත් අරගෙන තියෙනවා. එනිසා මේ රැකියාවට කාටවත් මොකුත් කරන්න බැහැ.
දැනට මාස හතරක් තිස්සේ මම ගාල්ල අම්බලන්ගොඩ බස් කොන්දොස්තරවරියක් හැටියට රස්සාව කරනවා. අනෙක් කොන්දොස්තර අයියලා මට උදව් කරනවා.
මගේ මුලික අරමුණ අම්මයි තාත්තයි රැකබලා ගැනිමයි. මගේ පාඨමාලාව අවසන් කරල සුදුසු රැකියාවක් ලැබෙනතුරු මම මේ කොන්දොස්තර රස්සාව කරනවා.
දකුණු පළාත් මාරගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්.බී. රාජා කුමාර මහතා “රැකියාව හරියට කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
කාන්තාවන් අතින් වැරදි වෙනවා අඩුයි. එනිසා හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න පුලුවනි. පිටරටවල නම් කාන්තා බස් රියදුරන් සිටිනවා.
තවම අපේ රටේ කාන්තා බස් රියදුරන් නැහැ. කොහොම වුණත් මෙම තරුණිය රැකියාව සඳහා අවශ්‍ය නීත්‍යානුකූල පසුබිම හදාගෙන තිබෙනවා.
ඇයගේ කැමැත්ත අනුව තෝරාගත් රැකියාවෙන් හොඳ සේවාවක් බලාපොරොත්තු වෙනවා.”
ප්‍රධාන පුවත් පතකින් උපුටා ගැනීමක්: