මට පල්ලි වල ෆාදර්ස්ලගෙන් පවා ප්‍රතිචාර ලැබෙනවා’ ජනප්‍රිය නිලි අමන්දා කියන කතාව (PHOTOS)
මේ දවස් වල හිරු නාලිකාව හරහා විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි නිර්මාණය හරහා කොයි කාගේත් ආදරය දිනාගත් අපූරු චරිතයක් තමයි සුදු මැණිකේ එහෙම නැත්නම් සත්‍යා කියන්නේ. සත්‍යා කියන චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පිනී අමන්දා ජයරත්න..
අමන්දාට මේ චරිතය හා සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ අනෝමා කුමුදුනි කියන රංගන ශිල්පිනිය නිසාවෙන්. ඉතින් මේ චරිතයට කෙනෙක් හොයනවා කියලා දැනුම් දීලා පස්සේ අධ්‍යක්ෂකවරයාට හඳුන්වලා දීලා පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියපුහාම තමයි ඇය චරිතය සඳහා තෝරා ගෙන තිබෙන්නේ. ඉතින් නොසිතූවිරූ ජනප්‍රියත්වයක් මේ හරහා ඇයට ලැබෙනවා.
ගොඩක් දෙනා සුදු මැණිකෙ කියලා තමයි ඇයට කතා කරනවා කියන්නේ.ඒත් එක්කම ඇය කියන කාරණාවක් තමයි ඇයට මේ සඳහා පල්ලි වල ෆාදර්ස්ලගෙන් පවා ප්‍රතිචාර ලැබෙනවා කියලා. ඇය කතෝලික ආගමේ කෙනෙක් විදියට විශ්වාස කරන දෙයක් තමයි දෙවියන් වහන්සේගේ ආශීර්වාදය මත ඇයට ලැබුණ දෙයක් කියලා විශ්වාස කරනවා කියලා. ඒ වගේම බෞද්ධ ස්වාමීන්වහන්සේලාත් කතා කරලා සුබ පතනවා කියලා තමයි කියලා තිබුණේ. සුදු මැණිකේ ගේ චරිතය කරන්න ගිහිල්ලා අමතක නොවන අත්දැකීම් ගැන කතා කරනකොට ඇය කියන්නෙත් දර්ශන කිහිපයක්ම බෝට්ටුවල රූගත කිරීම් කරන්නට තිබුණාලු. බෝට්ටු වල ගිහිල්ලා පුරුද්දක් නොමැති නිසාවෙන් සමහරවිට වෙනම පුහුණුවක් ඒ ගැන ලබන්නට වුණා කියනවා. මේ රූපගත කිරීම් කරන්න. රන්දික තමයි එහිදී ඇගේ ප්‍රේමවන්තයා විදිහට රඟපාන්නේ. ඉතින් ඔවුන් දෙදෙනා බෝට්ටුව පදවාගෙන ගිහින් කොහෙ හරි හප්පලා තමයිල්‍ය් නවත්වන්නේ කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඇත්තටම ඇයට පෙම්වතෙක් ඉන්නවද කියන ප්‍රශ්නෙට ඇය පිළිතුරු දීලා තිබුනේ තවම එහෙම කාරණාවක් නැති බවත් වයස අවුරුදු දාහතේ සිට තමයි ඇයට ආරාධනා පැමිනෙන්නේ කියලා තිබුණා.
ඉතින් වැඩි අවධානයක් ඒ ගැන යොමු කළේ නැහැයි කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඉතින් ආදරේ ගැන හිතන්න කලින් ලොකු ගමනක් ක්ෂේත්‍රය තුළ යන්න තියෙනවා කියන කාරණාවත් අමන්දා මතක් කරලා තිබුණා. ඇය ප්‍රතිපත්තියක් විදිහට එක නිර්මාණයක් බාර අරගෙන තියෙන විට තවත් නිර්මාණයක් බාර ගන්නේ නැහැල්ලු. එයට හේතුව විදිහට ඈ සඳහන් කරන්නේ එක චරිතයක් කරද්දි තවත් නිර්මාණ බාර ගත්තොත් කරමින් ඉන්න නිර්මාණයට සාධාරණයක් කරන්න බැරි වෙයි කියල හිතනවලු.
ඒ නිසා ඇයට ලැබුණු ආරාධනා බොහොමයක් සුහදව ප්‍රතික්ෂේප කරන්නටත් සිදු වුණා කියලා සඳහන් කරලා තිබුනා. ඒත් එක්කම සිනමාව වෙනුවෙන් ලබාදුන් දායකත්වය මදි කියලත් හිතෙනවාලු. නොබෝ දිනකදී ආරාධනා ලැබුණත් ටෙලිනාට්‍යයේ වැඩකටයුතු නිසාවෙන් එම කටයුත්ත ප්‍රතික්ශේප කරන්නත් සිද්ධ උනාලු
![Gallery](https://cdn.ibcstack.com/article/7c80af1b-ccb0-4c3d-a75c-fd208d3bc056/21-618e9eef7b05a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/48c69fd9-a0ef-4371-9eb0-2a8cee05cbae/21-618e9eef9b2bb.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/214a41f4-dd06-4f0a-8a92-37449d81d3e1/21-618e9eefbf181.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/d9a201d9-fa7c-4f15-a2b4-caf113cc339d/21-618e9eefdd22e.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/c94d954f-5821-46d5-860b-d0cfca17b428/21-618e9eeff3eed.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/c30d4936-da83-46d5-ab54-0df2aa9f2499/21-618e9ef017997.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)