අළු බඳුන සිවුවැනි තරගය හෙට පැවැත්වේ
By Mithu
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය හෙට (26) මෙල්බන්හිදී ආරම්භවීමට සියල්ල සූදානම් වේ.
ඒ අනුව ඒ සඳහා ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (25) නම් කළේය. කෙසේ නමුත් කණ්ඩායම් නායක පැට් කමින්ස් පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගයේ නායකත්වයට ස්ටීවන් ස්මිත් නම්කර තිබේ.
මෙම තරගාවලියේ පළමු තරග දෙකටම කමින්ස් ක්‍රීඩා නොකළ අතර, ඒ හේතුවෙන් ස්මිත් එම තරග දෙකේදීද නායකයා ලෙස කටයුතු කළේය.
තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම තරග 3-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන වේලාසනම තරගාවලිය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව සිටියි.