හැටන් - පුත්තලම පාරේ දරුණු අනතුරක් - වාහනයක් ප්‍රපාතයකට පෙරළේ
හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරි රථයක්, ගිනිගත්සේන කඩවල ප්‍රදේශයේදී, ප්‍රපාතයකට පෙරලී ඇති බව ගිලිගහේන පොලිසිය පවසයි.
ලොරි රථය, පුත්තලම සිට හැටන් දක්වා සිමෙන්ති ප්‍රවාහනය කර ආපසු පුත්තලමට නැවතත් ධාවනය කරන අවස්ථාවේ, අයහපත් කාලගුණ සහ මීදුම් තත්වය මැද, දකුණු පස රෝදයේ ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වූ බව සඳහන් වේ.
අනතුරෙන් රියදුරා සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති වුවද, ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව පොලිසිය දැනුම් දී තිබේ.
මේ පිළිබඳව විශේෂ විමසනයක් ක්‍රියාත්මක වේ.