දීමනාවක වෙනසක් - මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.(VIDEO)
ලබන වසරේ සිට පොලිස් නිලධාරීන් වෙත ලබාදෙන බටා ආරක්ෂක හමුදාවල ආහාර දීමනාවට සමාන කිරීමට උත්සාහ ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය.
ඒ අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් ය.
පොලිස් නිලධාරීන් වෙත බටා සහ ආහාර දීමනාවක් යන දිවිත්වයම ලබාදිය නොහැකි බව ඒ මහතා සඳහන් කළ අතර අමාත්‍ය ආරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් වෙත ලැබෙන විශේෂ දීමනාව පාර්ලිමේන්තුවේ ආරක්ෂක ඒකකයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් වෙත නොලැබීම සම්බන්ධයෙන් ද කරුණු සොයාබලන බව ඔහු කියා සිටියේ ය.
එමෙන්ම අදාළ විශේෂ දීමනාව නොලැබෙන පොලීසිය තුළ ඇති වෙනත් අභ්‍යන්තර දෙපාර්තමේන්තු කිහිපයක් වෙත ද මෙම විශේෂ දීමනාව ලබාදීම පිළිබඳව ලබන වසරේ අයවැය සකස්කිරීමේ දී අවධානය යොමුකර ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විඩියෝ දර්ශන - Ada Derana YouTube Channel
