අඩු ආදායම්ලාභි ගොවි පවුල් වලට දීමනාවක්.
Sri Lanka
Government Of Sri Lanka
Ministry of Agriculture
By Wayomi
අඩු ආදායම්ලාභි ගොවි පවුලකට මෙවර යල කන්නය සඳහා රුපියල් තිස්දහස බැගින් දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ, අන්තර්ජාතික සහයෝගිතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනයේ අධාර යටතේයි.
කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ,දිස්ත්‍රික්ක 06ක ගොවිපවුල් හතලිස් අටදහසක් සඳහා එම සහන දීමනාව ලබා දීමට එම නියෝජිතායතන එකඟත්වය පළකර ඇති බවයි.
එය රුපියල් 15000 බැගින් වාරික දෙකක් යටතේ ලබාදෙන්නේ මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගාකරන ගොවි පවුල් සඳහායි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
