අද සිට රුපියල් 7500 ක දීමනාවක්..මාස 06ක් දෙනවලු..මුලින්ම ලැබෙන පිරිස මෙන්න..
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 32කට අධික පිරිසක් සඳහා ජූලි මාසයේ සිට ඉදිරි මාස 6ක් දක්වා රුපියල් 7500ක දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ආර්ථිකමය වශයෙන් විශාල ලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ආර්ථික සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
ජුලි මාසයෙන් ආරම්භ කර ඉදිරි මාස 6ක කාලයක් සඳහා ආර්ථික සහන ලබාදීමේ වැඩසටහනක් ලෙසට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් රජයට ලබාදී තිබෙනවා.
ඒ යටතේ ඉදිරියේදී මෙරට පවුල් ලක්ෂ 32ක ප්‍රමාණයක් සඳහා ජුලි මාසයේ සිට මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අනුව සෑම පවුලකටම උපරිමය රුපියල් 7500 දක්වා මුදලක් ලබාදෙනු ඇති.
මේවන විට සමෘද්ධි දීමනාව හෝ ආබාධිත දීමනාව හෝ වෙනත් දීමනාවක් ලබන පවුලකට ඔවුන් ලබාගන්නා මුදල් ප්‍රමාණයට අමතරව මෙම මුදල ද ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍ය රමේෂ් පතිරණ පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුල මෙරටට යම් තරමක ආර්ථික සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.
මේ අතර වර්තමානයේ පවතින දේශපාලන සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදහස් පලකළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |