තියුණු අයුධයක් රැගෙන ඇවිත් පන්දහසේ දීමනාව ඉල්ලූ කාන්තාව

grama niladhari allowance 5000 hungama
By Sewvandhi Jun 03, 2021 12:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හුංගම ප්‍රදේශයේ රුපියල් පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවක තියුණු අයුධයක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක් අද (03) හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් නොවන අයට පන්දහසේ දීමනාව නොලැබෙන නිසා මෙම කාන්තාව තියුණු අයුධයක් රැගෙන පැමිණ ඡන්ද නාමලේඛනයට තම නම ඇතුළත් කර දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ හුංගම පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now