කොරෝනා එන්නත් දුන් ඇඟළුම් සේවිකාවන්ට ක්ලාන්තය

covid19 garment vaccination wawniya Kilinochchiya
By Sewvandhi Jun 25, 2021 12:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා නසන එන්නත ලබාදීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් හේතුවන් කිලිනොච්චියේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

කිලිනොච්චියේ පිහිටි අදාල ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන්ට මෙලෙස කොවීඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමේ කටයුතු සිදුවූ අතර එලෙස එන්නත ලබාගත් සේවිකාවන් පිරිසකගෙන් කොටසකට පමණක් මෙලෙස ආසාත්මිකතාවක් ඇතිව ක්ලාන්ත වීම් සිදුව තිබුණි.

කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරන ලද ඇඟලුම් සේවිකාවන්ගෙන් 20 ක් පමණ දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට මාරු කොට යවා ඇත.

කෙසේ වෙතත් රෝහලගත රන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්ද නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති බවත් ඔවුන්ගේ බරපතල නොවන බවත් වෛද්‍යවරු පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now