ඇල්ලවල දියඇල්ලේ ඛේදවාචකය..අතිශය සංවේදීයි (VIDEO)

waterfall vallavaya allavala adun priya hettarachchi
By Sewvandhi Oct 08, 2021 10:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (07) පස්වරුවේ දී මිතුරන් තිදෙනකු සමඟ මියගිය තරුණයා දිය නෑම සඳහා දිය ඇල්ල වෙත ගොස් ඇත.

එහිදී ඔහු එක් වරම ගලක් සහිත ප්‍රදේශයක සිරවී ඇති අතර ඔහුගේ මළසිරුර අද (8) උදෑසන වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගැනීමට කටයුතු කළේය.

මෙසේ මියගොස් ඇත්තේ මාගොඩ කදාන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 38ක් වන අඳුන් ප්‍රිය හෙට්ටිආරච්චි නැමැති පුද්ගලයකු බව පොලීසිය පැවසීය. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now