විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වෙලා වැඩේ කළා - සජිත්
Anura Kumara Dissanayaka
Sajith Premadasa
Latest Headlines
Sinhala news
Local government election Sri Lanka 2025
By Mithu
සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබාදුන් දසලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙත සිය ආචාරය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
වර්තමාන ජනතා විමුක්ති පෙරමුණු රජය මාස හයක් වැනි කෙටි කාලයක් තුල අති විශාල පරිහානියකට, කඩා වැටීමකට ලක් වී ඇති බව මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර සිටියේ.
විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් කටයුතු කළ බවට රටේ ජනතාව පණිවිඩයක් ලබා දී ඇති බවද විපක්ෂ නායකවරයා පැවසුවා. ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතුවිය යුතුයි යන්න තම මතය බවත්, ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට හා ඊට නායකත්වය ලබාදෙන්නට තමා සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේ.
