මහනුවර නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට - තවත් 17ක් අතුරුදන්
මහනුවර ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදු වූ නායයෑමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදන්ව ඇති බවය.
පවතින අහිතකර කාලගුණික තත්ත්වය මත දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අනතුරු සිදුවීම් වාර්තා වෙමින් පවතින අතර මේ වන විට අපදා මරණ ගණන 39 දක්වා ඉහල ගොස් ඇත.