මේ වාහන පිළිබඳව රජයෙන් විශේෂ නිවේදනයක් - දෙසැම්බර් 31 ට පෙර ක්‍රියාත්මක වන නීතියක්
මේ වන විට නඩු කටයුතු අවසන්ව රාජසන්තක කරන ලද හිමිකරුවන් නොමැති අධිකරණ භූමිය තුළ පවතින රථ වාහන සියල්ල එළඹෙන දෙසැම්බර් 31 ට පෙර ඉවත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මෙම වැඩ පිළිවෙළ ජනාධිපති ලේකම් කාර්යාලය ,අධිකරණ සේවා කොමිසම,අධිකරණ අමාත්‍යාංශය ඒකාබද්ධව කරගෙන යන වැඩපිළිවෙළක් බවත් සඳහන්.
එලෙස අධිකරණ පරිශ්‍ර තුළ ගොඩගැසී ඇති රථ වාහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් තක්සේරු කිරීමේ කටයුතු මේ දිනවල ප්‍රමුඛ කාර්යයක් ලෙස කරගෙන යන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
අධිකරණවල රෙජිස්ට්‍රාර්වරුන් හරහා මෙම කටයුතු සිදුකෙරෙන බවත් පැවැසීය. මෙම නිලධාරීන් විසින් වාහන ලෙස දිය හැකි හා අබලි ද්‍රව්‍ය ලෙස ඉවත් කරන වාහන පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන බවද පැවැසීය.
ඉන්පසු අධිකරණ අමාත්‍යාංශය විසින් ගැසට් කර එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.