අනෝජන්ට අනුකම්පා කර සමාව දෙන්න.. රටම කැළඹූ දඬුවම නිසා හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රිගෙනුත් සෞදි අරාබියෙන් ඉල්ලීමක්
සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට නියම කර තිබූ පස් අවුරුදු සිර දඬුවම මරණ දඬුවම දක්වා වැඩි කර ඇති බවට වාර්තා වීමෙන් අනතුරුව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි සෞදි අරාබි බලධාරීන්ගෙන් ඔහුට දයාව පෙන්වා සමාව දෙන ලෙස ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් වාර්තා වන තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් සබ්රි මහතා ප්‍රකාශ කර අත්තේ, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මරණ දඬුවම තහවුරු කර නොමැති බවත්, විධිමත් ලිඛිත තීන්දුව තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
එසේම ඔහු පවසා ඇත්තේ, "සෞදි අරාබියේ ස්වෛරීභාවයට සහ නීති පද්ධතියට ගරු කිරීම සඳහා අසමානුපාතික දඬුවම් හමුවේ නිහඬතාවය අවශ්‍ය නොවේ," යනුවෙන්.
සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්
එමෙන්ම සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා වසර පහක සිර දඬුවමක් අධික ලෙස නියම කිරීම ගැන ඔහු විස්තර කළ අතර, එවැනි ක්‍රියාවක් සඳහා මරණ දඬුවම පැනවීම “අතිශයින් අසමානුපාතික, අමානුෂික සහ පිළිගත නොහැකි” ක්‍රියාවක් බව පවසා ඇති බව සඳහන්.
තවද සිවරාසා මහතා මිනිත්තු කිහිපයක් ඇතුළත එම අදහස ඉවත් කර ප්‍රසිද්ධියේ වීඩියෝ සමාව අයැද සිටි බවට වාර්තා බරපතළ ලෙස සලකා බැලිය යුතු බව ඔහු පවසා ඇත.
ඒ අනුව ඔහු කියා ඇත්තේ, "අපහාසාත්මක ප්‍රකාශයක් මගින් පුද්ගලයෙකුට පසුතැවිලි වීමට, ඉගෙන ගැනීමට සහ තම ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට ඇති අවස්ථාව අහිමි නොකළ යුතුය," යනුවෙන්.
අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න
තම ඉස්ලාමීය ඇදහිල්ල ගැන සඳහන් කරමින්, මානව අසාර්ථකත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේදී දයාවේ සහ අනුකම්පාවේ වැදගත්කම සබ්රි අවධාරණය කළ අතර,
"මුස්ලිම්වරයෙකු ලෙස, මම අල්ලාහ්ගේ කරුණාව ගැඹුරින් විශ්වාස කරමි. අපි ඔහුව අති දයානුකම්පිත, අති දයානුකම්පිත ලෙස ආයාචනා කරමු. එම වටිනාකම් මිනිස් අසාර්ථකත්වයන්ට අපගේ ප්‍රතිචාරයට මඟ පෙන්විය යුතුය," යනුවෙන් සඳහන් කර ඇත.
එමෙන්ම පුද්ගලයෙකුගේ ඇදහිල්ල සහ අවංකභාවය පිළිබඳ අවසාන විනිශ්චය රඳා පවතින්නේ සර්වබලධාරි දෙවියන් වහන්සේ මත බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළා. එසේම හිටපු විදේශ අමාත්‍යවරයා සිවරාසා සඳහා ඵලදායී නීති ආධාර ලබා ගැනීමටත්, ඉහළම මට්ටමේ හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව හිටපු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
"මම සෞදි බලධාරීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අනෝජන්ට අනුකම්පා කර සමාව ලබා දෙන ලෙසයි, යුක්තිය අනුකම්පාවට ඉඩ දිය යුතුයි. අනෝජන්ට තම පවුල වෙත ආපසු ගොස් ඔහුගේ ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබිය යුතුයි."
කෙසේවෙතත් වාර්තා වී ඇති මරණ දඬුවම ශ්‍රී ලංකා බලධාරීන් විසින් තහවුරු කර නොමැති අතර, විධිමත් ලිඛිත තීන්දුවක් ලැබෙන තුරු පවතින බව සඳහන්.