අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක්.
Ministry of Education
Sri Lanka
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
A. Aravind Kumar
By krishani
2022 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 (සැප්තැම්බර් 10) වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සඳහන් කළේ ය.
මේ වසරේ (2023) ජනවාරි 23 වන දා සිට පෙබරවාරි 17 කාලය තෙක් 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්විණ.
ඒ අනුව මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 53,513 ක් පෙනී සිටියේ ය.
ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200ක් ස්ථාපිත කර තිබිණ.
