මම කසාද බැන්දේ මගේ සෙකට්‍රිව, බිස්නස් කරලා ඇපල් වත්තක් ගන්න හිටිය මම අන්තිමට නළුවෙක්ම වුණා-අකිල ධනුද්දර

By Sithumi Feb 05, 2023 03:28 PM GMT
Sithumi

Sithumi

Report

මම කසාද බැන්දේ මගේ සෙකට්‍රිව, බිස්නස් කරලා ඇපල් වත්තක් ගන්න හිටිය මම අන්තිමට නළුවෙක්ම වුණා-අකිල ධනුද්දර අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය කළා පවුලක් වන ඇන්තනි පවුලේ වැඩිමහල් පුතු තමයි අකිල ධනුද්දර කියලා කියන්නේ. ඉතින් රංගන ශිල්පියෙක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පියෙක් විදිහටත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

ඒත් එක්කම දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය බිරිඳයි සිඟිති දියණියයි එක්ක ආදරණීය සුන්දර ජිවිතයක් ගත කරන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහුගේ අප්පච්චි වන රටක් ආදරය කරන ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා පුංචි කාලේ ඉඳලා ඔහුට කිවුවේ ලොකු වුණාම ඔහුට ඇපල් වත්තක් අරන් දෙන්න කියලාලු

. ඒ වගේම ඔහුගේ අප්පච්චි අශ්වයෝ පදින්න හරි ආසයි කියලයි අකිල කියන්නේ. කොහොම නමුත් ඔහුට තේරෙන දවසේ ඉඳලා ඔහු අප්පච්චිට කිව්ව දෙයක් තමයිලු රගපාලා ඇපල් වතු අශ්වයෝ ගන්න බැහැ ඒ නිසා බිස්නස් කරලා සල්ලි හොයලා අප්පච්චිගේ ආශාව ඉෂ්ට කරන්නම් කියලා. ඒ වගේම ඔහු පුංචි කාලේ ඉඳලා මාළු වගේ දේවල් විකුණලා සල්ලි ගත්තා කියලත් ඔහු කියනවා. 

කොහොම නමුත් ඔහුට තවම අප්පච්චිගේ ඒ ආශාව ඉෂ්ට කරන්න බැරි වුන නිසා අප්පච්චි අන්තිමට කිව්වාලු උඹේ ඇපල් වත්ත එපා රඟපාන්න පලයං කියලා. ඒ වගේම ඔහු මුලින්ම රොමේෂ් සුගතපාල කියන දිගු දෑස දුටුවාම කියන ගීතයේ විෂුවල් එකට තමයි රංගනයෙන් සම්බන්ධ වුනේ. ඉතින් මේ දවස්වලත් ඔහු ශලනි තාරකා එක්ක රඟපාන චිත්‍රපටයක වැඩ අවසන් කළා කියලයි අකිල නම් කියන්නේ.

ඒ වගේම පහුගිය අවුරුදු තුනට ඔහු චිත්‍රපට අටක් කළා කියලත් ඔහු කියනවා. ඊට අමතරව හිරු නාළිකාවෙන් ආරාධනාවක් ලැබුණාලු නර්තන රියැලිටි එකක විනිශ්චය මණ්ඩලයට වාඩි වෙන්න. ඒ වගේම ඔහු කරකාරෙට ගත්තේ ඔහුගේ සෙකට්‍රිව කියලයි අකිල කියන්නේ. ඉතින් කාලයක් දැන හඳුනාගත් එමිව කසාද බැන්ද නිසා අදටත් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔහු සියල්ල හොයලා බලලා හැමදේම කරනවා කියලයි අකිල කියන්නේ. ඉතින් ඇය නිසා ජීවිතේ ලස්සන වෙලා තියෙන නිසාත් සතුටින් කාලය ගත කරන නිසාත් ගැළපෙනම කාසාදේ කරගත්තා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery