ඔබ නිවසින් එළියට යා යුතු ආකාරය පිළිබදව පොලිසියෙන් දැනුම් දීමක්.(VIDEO)
Curfew
Police
Sri Lanka
Isolating
Ajithi Rohana
By Aruna
නිරෝධායන රෙගුලාසී උල්ලංඝනය කළ පුද්ගලයින් 1,038 දෙනෙකු ඊයේ දිනය තුළදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 156ක් වනවා.
කුලියාපිටිය ප්‍රදේශයෙන් පුද්ගලයින් 130ක් සහ මාතර ප්‍රදේශයෙන් පුද්ගලයින් 79 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් පෙරෙදා දිනයේද පුද්ගලයින් 1,047ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ අතර ඔබ නිවසින් බැහැරව යා යුතු ආකාරය පිළිබඳව අජිත් රෝහණ මහතා මෙලෙස පැහැදිළි කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |