කොරෝනා වාට්ටුවේ සිට ජනතාව අමතන අජිත් රෝහණ මහතා.. (Video)

By Sewvandhi Aug 26, 2021 04:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාදිතව දැනට රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අද පෙරවරුවේ  නාලිකාවක් සමග සම්බන්ධ විය. ඔහු සඳහන් කළේ තමන් අසාධ්‍ය තත්වයට පත් නොවූ බවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් නොකල බවත්ය.

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් වැරදි මතයන් සමාජගත කිරීම මගින් එම ආසාදිතයන්ට සහ පවුලේ උදවියට බලවත් අපහසුතාවයන් ඇතිවන බව පැවසූ ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස තමන් එම තත්වයන් දරාගත හැකි වුවද රටේ බොහෝ පිරිසකට එම තත්ත්වයක් කළමනාකරණය ගත නොහැකි බවද කියා සිටියේය. එනිසා ආසාදිතයන් සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now