"අයියෝ සාමිනී" ගීතය ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යයි..ලංකාවේ තරුණියක් යළි ජාත්‍යන්තරය ජය ගනී.(VIDEO)
“අයියෝ සාමිනී යෙනකු වේනාම්” මේ දිනවල හැමදෙනාගේම සවන් අග රැව්පිළි රැව් දෙන ගීතයක්.
ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා ගුණතිලකගේ බාල දියණිය වන වින්ඩි ගුණතිලක ගයන මෙම ගීතය දමිළ ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියල්ලෝම ආදරයෙන් වැළඳගෙන තිබෙනවා.
මෙම ගීතය මේ වනවිට යුටියුබ් නැරඹුම් වාර මිලියන 5 ඉක්මවා ඇත.
ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ මෙහි සංගීතය නිර්මාණය කර ඇති අතර පෙතුවිල් අස්මින් ගී පද රචනය සිදු කර තිබේ.
මේ ගීතය මෙරට පමණක් නොව මේ වනවිට ඉන්දියාවේ ද ජනප්‍රිය වී ඇති බව යුටියුබ්හි මෙම ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් දිස් වේ.
තමිල්නාඩුවේ ජීවත් වෙන ඉන්දියානු ජාතිකයකු මේ ගීතයට මෙවැනි ප්‍රතිචාරයක් දක්වා තිබේ.
“මම ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ. තමිල්නාඩු අවන්හල් සාමාන්‍යයෙන් මෙම ගීතය වාදනය කරන අතර මම වීදිවල යන විට මට තැන් කිහිපයක ගීතය අඛණ්ඩව ඇසේ.
ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංගීතයට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි මම නොදනිමි.
මම දැන ගෙන හිටියේ නෑ මේ ලකාවේ තරුණියක් ගායනා කරනවා කියලා.
මම යුටියුබ් එක සර්ච් කරලා බලනකොට එකපාරටම පුදුම වුණා ඔබ සැමට ආදරෙයි ශ්‍රී ලාංකීය සංගීතය සීමා මායිම් ඉක්මවා ගොස් සියල්ලන් සමීප කරයි.”
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        