යළිත් වායු දූෂණය ඉහළ යයි..

Sri Lanka
By krishani Jan 22, 2023 04:59 AM GMT
krishani

krishani

Report

මෙරට වායු දූෂණ මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක යළිත් වරක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ ය.

එම තත්ත්වය අද (22) දිනයේ දී ද පවතින අතර හෙට (23) දිනයේ දී යළිත් වායු මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ඔහු පැවසීය.

මේ අතර දිවයිනේ දකුණු අර්ධයේ බස්නාහිර, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණ පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha