ගුවන් මගීන් 484 දෙනෙකුගේ ජීවිතය රැකුණු සිදුවීම

Sri Lanka Airport Air Racing
By Sithumi Jan 17, 2023 03:38 PM GMT
Sithumi

Sithumi

Report

 මගීන් 484 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමට යාමෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වලක්වා ගැනීමට සමත්වූ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.  

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ අමෙරිකාවේ ෆෙඩරල් ගුවන් ගමන් පාලකවරුන්ගේ දක්ෂතාවය හේතුවෙන් මෙලෙස සිදුවන්නට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට හැකිවූ බවයි. 

 අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට එංගලන්තය බලා පියාසර කිරීමට නියමිතව තිබු අමෙරිකානු ගුවන් සමාගමට අයත් යානාවක් සහ ඩෙල්ටා ගුවන් සේවයට අයත් යානාවක් මෙලස එකම ධාවන පථයට ප්‍රවේශ වී තිබු බව සඳහන් වී තිබෙනවා.  

ඒ වන විටත් මෙම ගුවන් යානා දෙකටම ගුවන් ගතවීම සඳහා ගුවන් ගමන් පාලකවරුන් විසින් අවසර ලබාදී තිබුණ ද, අමෙරිකානු ගුවන් සමාගමට අයත් යානාවේ නියමුවරිය තමන්ට ලබාදුන් ගුවන් ධාවන පථය භාවිත නොකට වැරදි ධාවන පථයට යානාව රැගෙන ගොස් තිබු බවයි සඳහන් වන්නේ. 

  විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මේ සම්බන්ධයෙන් අවධානය යොමුවීමෙන් පසු ගුවන් ගමන් පාලක කුලුනේ සිටි නිලධාරීන් වහා ක්‍රියාත්මක වී එක් යානාවකට ලබාදී තිබු ගුවන් ගතවීමේ අවසරය අත්හිටුවූ බවත් මේ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල විනාශයක් වැලකි ගිය බවයි.