AI පාවිච්චි කරන්නේ පරිස්සමට - අසභ්‍ය වීඩියෝ හදලා කරලා තියෙන දේවල්
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් කෘත්‍රිම බුද්ධිය වැරැදි ආකාරයට භාවිත කරමින් නිර්මාණය කරන අසභ්‍ය වීඩියෝ හා පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුකරන අපරාධ මැඬලීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරිනියක් පවසා සිටියේ සමාජ මාධ්‍ය සම්බන්ධ සිදුවීම්වලට මැදිහත්වීමක් කළ හැකි එකම ආකාරය අදාළ පැමිණිලි ඒ ඒ සමාජ මාධ්‍ය සමාගම්වලට යොමු කිරීම පමණක් බවයි.
එසේම ඉන් ඔබ්බට ගිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තම ආයතනයට නැති බවද සඳහන් කරයි.
එමෙන්ම ඇය තවදුරටත් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිසියට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් පවතින බවයි.
ඒ විමර්ශන සඳහා තාක්ෂණික සහායක් පමණක් ලබාදීමෙන්.
කෙසේ වෙතත් මේ අතර කෘත්‍රිම බුද්ධිය යොදමින් සකස් කර ඇති අසභ්‍ය වීඩියෝපට ගණනාවක් යූටියුබ්, මුහුණු පොත හා ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේද වට්ස්ඇප් ඔස්සේද සංසරණය වී ඇති බවට හෙළිව තිබෙන බව ද වාර්තා වේ.