තියුණු සටනකින් පසු සිංහයින්ට ලැබුණු විශේෂ තැන.. අද මැච් එකේ සම්පූර්ණ විස්තරය මෙන්න.. (PHOTOS/UPDATE)
UPDATE:-
අද (09) මහනුවර - පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පස්වරු 02.30ට ආරම්භ වුණ තරග තුනකින් සමන්විත ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලබා ගත්තේ ය.
ඒ අනුව ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කළේ ය.
තරගයේ පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 339ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 42ක ජයක් ලබා ගැනීමට හැකියාව ලැබිණ.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi ලකුණු 136ක් ද, Azmatullah Omarzai නොදැවී ලකුණු 149ක් රැස් කළේ ය.
Rahmat Shah සහ Hashmatullah Shahidi ලකුණු 7 බැගින් රැස් කළ අතර Ibrahim Zadran ලකුණු 4කට දැවී ගියේ ය.
Gulbadin Naib ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වු අතර පන්දු යැවීමේ දී Pramod Madushan කඩුළු 4ක් ද, Dushmantha Chameera කඩුළු 2ක් ද දවා ගත්තේ ය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක නොදැවී පන්දු 139කදී ද්විත්ව ශතකයක් සමඟින් ලකුණු 210ක් ලබා ගනු ලැබීය.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එක්දින ජාත්‍යන්තර තරගයක දී ලබා ගත් ප්‍රථම දිවිත්ව ශතයකය මෙය වේ.
එමෙන්ම, වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙය වේ.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් හා සධීර සමරවික්‍රම ලකුණු 44ක් ලබා ගත්තෙ ය.
කෙසේ වෙතත්, පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථානු කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad කඩුලු 2ක් සහ Mohammad Nabi කඩුල්ල බැගින් දවා ගත්තේ ය.
----------------------------------------
සනත් ජයසූරියගේ වාර්තාවත් බිඳ හෙලයි - ඇඟ හිරි වැටෙන පිටියෙන් දිගට හරහට තැබුව සුපිරි වාර්තාව.. (PHOTOS/UPDATE)
ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේ ය.
ඒ ඇෆ්ගනිස්තානය තරගයේ කාසියේ වාසිය දිනූ පසුබිකයි.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 182ක සබඳතාවක් ගොඩනැගුවේ ය.
2000 වසරේ දී ලකුණු 189ක් රැස් කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව පැතුම් නිශ්ශංක බිඳහෙලනු ලැබීය
ඒ වේගවත් පිතිහරඹයක නිරතවෙමින් ය.
එතැනින් නොනැවතුණු ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට නොනවතින ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 200යේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් ය.
ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් ප්‍රෙක්ෂකයන් බවට පත්කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210ක් විය.
ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් විය.
සදීර සමරවික්‍රම ලකුණු 44ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ය.
-------------------------------------------------
සිංහයින් සහ ඇෆ්ගනිස්ථානුවන් ගැටෙන තරඟයේ කාසියේ වාසිය තීරණය වෙයි..
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (09) දින පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත් වේ.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ඔවුන් තීරණය කළේ ය.
කෙසේ වෙතත්, තරගය තව සුළු මොහොතකින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
