සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න.

Report

2023 සාමාන්‍ය පෙළ විද්‍යාව 1 වන ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 වන ප්‍රශ්න සඳහා නිදහස් ලකුණ බැගින් ලකුණු 02 ක් ලබාදීමට තීරණය කර ඇත.

සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න. | 02 Free Marks For Regular Science Paper

එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොවේ.

ඒ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධයේ ඔස්සේ සංසරණය විය.

සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)

සා.පෙළ විභාගයේ ඉදිරි කටයුතු වෙන්නෙ මෙහෙමයි..(PHOTO)


ඒ අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි.

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

තවත් සා.පෙළ ප්‍රශ්න පත්‍රයක ගැටලුවක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

මේ අතර, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත කියා සිටියේ, සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන තමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමඟ පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ වන විට 2023 වර්ෂයට අදාළව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙමින් පවතී.