අද වහින්නේ මෙන්න මේ පළාත් වලටයි - ඒ වගේම අදත් හෙවනැල්ල අතුරුදහන්

By Zara Apr 11, 2025 12:30 AM GMT
Report

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

අනුරාධපුරය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (11) දහවල් 12:11 ට මානින්ගමුව, රඹෑව, කහටගස්දිගිලිය , ඊතල වැටුන වැව සහ මුතුර් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

කටුනායකට ගෙනත් තිබ්බ දේ දැකලා පොලිසියත් පුදුම වෙලා

කටුනායකට ගෙනත් තිබ්බ දේ දැකලා පොලිසියත් පුදුම වෙලා

චෙන්නායි නායකත්වයේ සිදුවුණු වෙනස

චෙන්නායි නායකත්වයේ සිදුවුණු වෙනස