රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි දැයෙන් සමු ගනී
Actors
Sri Lankan Actress
Actress
By Gagana News
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ. කලක සිට රෝගාතුරුව සිටි ඇය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.
හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61 වන වියේ පසුවූවාය.
මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබෙන අතර ඊට අමතරව ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත.
එක්දරු මවක් වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මව වේ.
