කවුරුත් ආදරේ කරන ජනප්‍රිය "විහාරා ටීච" විවාහ වෙන්න යන කෙනා ගැන හෙළි කල දේ..? ඔහුත් කලා ක්ෂේත්‍රයේ ද..? (PHOTOS)
මේ දිනවල බොහොම ජනප්‍රිය ලෙස විකාශනය වන ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ විහාරා ටීචර්ගේ චරිතය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ ලෙස දෙනා ගත් රංගන ශිල්පිනිය ගැන තමයි මේ කතා කරන්නේ.
ඇය දමිත්‍රී සුභසිංහ. 2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය විදියට අභිෂේක ලබමින් රංගනයට පිවිසුණු ඇය පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සම්බන්ධ වෙලා ඇගේ තොරතුරු කිහිපයක් කතාබහ කරලා තිබුණා. අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලැබීමෙන් පසුව ඇයට අවස්ථාව උදා වෙනවා රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නට.
ඉතින් මුලින්ම ඇය නොනිමි කියන ටෙලි චිත්‍රපටයට දායක වෙනවා. පසුව ඇයට පාවෙලා වලාකුලේ ඒවිද අම්මා කියන නාට්යට තමයි දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එහි නිරූපණය කරපු චරිතය වෙනුවෙන් අදටත් බොහෝ දෙනාගේ ආදරයක් සහ හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය සඳහන් කරනවා. පසුව ඇය තෙවන නිර්මාණය විදියට තෝරගන්නේ ඉස්කෝලේ ටෙලි නිර්මාණය.
පුංචි කාලයේ ඉඳලා තිබුණු ආසාවක් වෙන නර්තන ගුරුවරියක් වීම මේ ඔස්සේ ඉෂ්ඨ සිද්ධ කර ගන්නට ඇයට හැකියාවක් ලැබිලා තිබෙනවා. දමිත්රි කියන විදියට ඇය මේ වෙද්දි බැංකු ක්ෂේත්රය තුළ රැකියාවක් කරන කෙනෙක්. නමුත් කුඩා කාලයේ පටන්ම ඇය කලාවට බොහොම ලැදියාවක් දක්වලා තිබෙනවා. නර්තනය විෂයක් විදිහට හැදෑරුවා මිසක් විශේෂයෙන් වෙනම නර්තනය හැදෑරුවෙ නැහැයි කියලා තමයි ඇය මෙහිදී සඳහන් කරලා තිබෙන්නේ.
කෙසේ නමුත් ඇය ඉදිරියට කලා කටයුතු වලට හැදෑරීමක් සහිතව සහභාගිවීමටත් බලාපොරොත්තු වන බව සඳහන් වෙලා තිබුණා. ඉතින් ඇය ළඟදීම විවාහ දිවියට ඇතුළත් වන්නටත් සූදානමක් තියනවයි කියන කාරණාව සඳහන් වෙලා තිබුණා. ඔහු කලා ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර බැංකු ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් කියලා තමයි සඳහන් කරන්නේ.
කොහොම නමුත් විවාහ වීමට කාලසීමාවක් තවමත් තීරණය කරලා නැහැයි කියලා සඳහන් කරනවා. දමිත්‍රි තමයි ඇයගේ පවුලේ ඉන්න එකම දරුවා. අම්මාගෙන් සහ තාත්තාගෙන් ඇයගේ කලා දිවියට ලැබෙන පිටුවහල මහත් කියලා තමයි ඇය සඳහන් කරන්නේ. විශේෂයෙන් ඇයගේ මවගෙන් කලාව උදෙසා ලැබෙන සහයෝගය ඉතාමත් විශාලයි කියලා සඳහන් කරනවා. එමෙන්ම ඇය කෙටි කාලයකදී රංගන දිවිය තුළ බොහෝ දේවල් අත්පත් කරගෙන තිබෙනවා.
විශේෂයෙන් නර්තන ශිල්පිනියක් විදිහට බොහෝ විට වීඩියෝ පට හරහා සමාජ මාධ්‍ය තුළින් ඇයගේ ප්‍රේක්ෂක ජනතාව සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ ආපු ගමන්මගේ ඇයට ස්තූති කරන්න විශාල පිරිසක් සිටින කාරණාවක් සඳහන් කරනවා. ඇයගේ මේ ගමන එන්න උදව් උපකාර කරපු සහයෝගය ලබා දීපු සියලුම දෙනාට ඇය ඒ අවස්ථාවේදී ස්තූති පූර්වකව සඳහන් කිරීම කරලා තිබුණා. කොහොම නමුත් අවසාන වශයෙන් අපි ඇයට සුබ පතන්නේ ඇයගේ කලා කටයුතු සාර්ථක විදිහට කරගන්න හැකියාව ලැබෙන අතර තුරේදී වෘත්තීය කටයුතුත් සාර්ථක වෙන්න කියලා.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |