මෙහෙමත් නලුවෝ කොකේන් ගහලා නිළියව දුෂණය කරලා - චිත්‍රපටි අවස්ථාවක් දෙන්නම් කියලත් රවට්ටලා ලැජ්ජයි

Report

කොකේන් භාවිතය මැඩපැවැත්වීමේ මෙහෙයුමකදී චෙන්නායිහිදී දෙමළ නළු ශ්‍රීකාන්ත් අත්අඩංගුවට ගෙන ඇත. වෛද්‍ය පරීක්ෂණයකින් ඔහු කොකේන් භාවිතා කර ඇති බව තහවුරු වීමත් සමඟ, පොලිසිය විසින් දෙමළ සිනමා ක්ෂේත්‍රයේ අනෙකුත් නළු නිළියන් සම්බන්ධයෙන් විමර්ශන තීව්‍ර කර තිබේ.

මේ අතර, නිළි ශ්‍රී රෙඩ්ඩිගේ පැරණි සම්මුඛ සාකච්ඡාවක් අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ශ්‍රී රෙඩ්ඩි දෙමළ සිනමා ක්ෂේත්‍රයේ නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුට එරෙහිව ලිංගික හිංසනය සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ බරපතළ චෝදනා එල්ල කළාය. එම චෝදනාවල ශ්‍රීකාන්ත්ගේ නම ද ඇතුළත් වී තිබිණි.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ශ්‍රී රෙඩ්ඩි එම සම්මුඛ සාකච්ඡාවේදී මෙසේ පැවසුවාය:

“සමහරු කියනවා මම මේ චෝදනා කරන්නේ ප්‍රසිද්ධිය ලබා ගැනීමට බව. නමුත්, මේ සිදුවීම් මටත් බලපානවා. ප්‍රසිද්ධ නළුවෙක්, චිත්‍රපට අවස්ථාවක් ලබා දෙන බව පවසා මට ලිංගික අතවර කළා. ඔහු මට කොකේන් භාවිතා කිරීමට බල කළා. මම එය ප්‍රතික්ෂේප කළා. මම දැඟලුවා, එවැනි දේ කිරීමට මට නොහැකි බව පැවසුවා. එවිට ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් ඇවිත් මගේ අත් සහ කකුල් තදින් අල්ලාගෙන, මගේ තොල් යට කොකේන් ආලේප කළා. ඊළඟ මොහොතේ මගේ තොල් යට කොක්කෙන්  එක තිබ්බා.. මම හිරි වැටිලා වගේ මෙන් දැනුණා. මම කොහේද, මොකද කරන්නේද යන්නවත් දැන සිටියේ නැහැ. ඊළඟ සවස් වන තුරු මම ඒ තත්ත්වයේ පසුවුණා. ඔහු මගේ කකුල් විහිදුවා මත්ද්‍රව්‍ය යෙදුවා. ඒ මොහොතේ ඔහු මට ලිංගික අතවර කළා.”

මෙම කම්පන සහගත ප්‍රකාශයත් සමඟ, ශ්‍රීකාන්ත්ගේ අත්අඩංගුවට ගැනීම ආශ්‍රිතව, ශ්‍රී රෙඩ්ඩි චෝදනා එල්ල කළේ කවුරුන්ටද යන්න පිළිබඳ අන්තර්ජාලයේ උණුසුම් කතා බහක් ඇතිව තිබේ.

"මට දවල් රෑ දෙකම එක වගේ. මට ගල් වෙලා වගේ දැනෙන්නේ.."

"මට දවල් රෑ දෙකම එක වගේ. මට ගල් වෙලා වගේ දැනෙන්නේ.."

මෙම සිදුවීම දෙමළ සිනමා ක්ෂේත්‍රය තුළ විශාල කැළඹීමක් ඇති කර ඇති අතර, විමර්ශන තවදුරටත් ඉදිරියට ගෙන යන බව බලධාරීහු පවසති.