ඇසිඩ් ප්‍රහාරයෙන් පුතා බේරගන්න ගිහින් අවසන් ගමන් ගිය පියාට අවසන් ගෞරව දැක්වීමට පුතා නිවසට ආ හැටි. (PHOTO)

Sri Lanka Police Death
By Wayomi Oct 22, 2024 01:02 PM GMT
Wayomi

Wayomi

Report

ඇසිඩ් ප්‍රහාරයෙන් පුතා බේරගන්න ගිහින් අවසන් ගමන් ගිය පියාට අවසන් ගෞරව දැක්වීමට පුතා නිවසට ආ හැටි.

පසුගිය 19 වනදා සවස පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.

ගෑස් මිලෙහි විශාල සංශෝධනයක්. - මේ මස 30 වෙනිදට සිදු වන දේ රජයට දැනුම්දෙයි.


පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පියාගේ දේහය දැකගැනීමට පුත්‍රයා අද (22) නිවසට පැමිණියා.

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19 වනදා සවස, පොලිස් නිලධාරීන් බව පවසා පිරිසක් ජීප් රථයකින් පැමිණ නිවසේ සිටි තරුණයෙකුට මාංචු දමා ඇසිඩ් ගසා බලහත්කාරයෙන් රැගෙන යාමට තැත්කිරීමේදී ඔහුගේ පියා එය වැළැක්වීමට උත්සාහ කර තිබුනා.

එහිදී පියා ජීප් රථයේ එල්ලී ඇති අතර එය නොනවත්වා ධාවනය කිරීම නිසා ඔහු ඉන් වැටී ඇති අතර ජීප් රථයේ රියදුරු එම පුද්ගලයාව යටකරමින් රථය ඉදිරියට ධාවනය කර ඇත.

පොලීසිය සඳහන් කළේ අනතුරුට ලක්වූ 65 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් පැහැරගැනීමට ලක් වූ පුත්‍රයා තුවාල සහිතව මහමඟ දමාගොස් සිටියදී ඥාතීන් රෝහල්ගත කර තිබූ බවත්ය.

පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතුව ලෙස සැකකරන බව පොලීසිය පවසනවා.

වාර්තාවකට සැරසෙනවා වගේ .? - දැනටමත් 5 වෙනියටම ඇවිත් - පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙයි.

වාර්තාවකට සැරසෙනවා වගේ .? - දැනටමත් 5 වෙනියටම ඇවිත් - පොලොන්නරුවේ HIVආසාදිතයින් වැඩිවෙයි.

 

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ මහා භාණ්ඩාගාරයේ විශාල වෙනසක්. - අලුත් වූ ඉහළ කළමනාකාරීත්වය මෙන්න.


Gallery