දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් - තිදෙනෙක් රෝහල්ගත කරයි.
Sri Lanka
Accident
By krishani
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ලොරි රථයක පසුපස ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු කිලෝමීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මාතර දෙස සිට කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ පසුපස වෑන් රථය ගැටී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන වෑන් රථයේ රියදුරු සහ 59 හැවිරිදි වියේ පසුවන රුසියානු ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
