මරණින් මතු කොයි ලොව යන්න ද මිනිසුනේ - 83 හැවිරිදි වයෝවෘද්ධ අයෙක්ව රෝහලට ගෙනි යන මුවාවෙන් කරපු කැත වැඩේ.. හද කම්පා වෙන සංවේදී දර්ශන සහිතයි.. (CCTV VIDEO/PHOTOS)

Report

ඊයේ (09) අලුයම 1.00 ට පමණ 83 හැවිරිදි පුද්ගලයෙකු ලොරි රථයක ගැටී තිබෙනවා. 

මරණින් මතු කොයි ලොව යන්න ද මිනිසුනේ - 83 හැවිරිදි වයෝවෘද්ධ අයෙක්ව රෝහලට ගෙනි යන මුවාවෙන් කරපු කැත වැඩේ.. හද කම්පා වෙන සංවේදී දර්ශන සහිතයි.. (CCTV VIDEO/PHOTOS) | Accident At Pugoda

ඒ පූගොඩ - දංගල්ල ප්‍රදේශයේ දී ය.

එලෙස ලොරි රථයක ගැටී අනතුරට ලක් වූයේ 83 හැවිරිදි පුද්ගලයෙකු වේ.

ඔහුව ප්‍රතිකාර සඳහා රැගෙන යන මුවාවෙන් අතරමඟ දමා ගිය ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට පූගොඩ පොලීසිය කටයුතු කළේ ය.

ලොරි රථයේ ගැටුණු එම පුද්ගලයාව ලොරි රථ රියදුරා විසින් ලොරියට නංවාගෙන ඇති අතර ඒ රෝහල්ගත කිරීමට රැගෙන යන බව පවසමින් ය.

නමුත් ඔහු සිදුකර ඇත්තේ තුවාලකරු අනතුර සිදු වූ ස්ථානයට නුදුරින් බස්සවා පළා යෑමයි.

මරණින් මතු කොයි ලොව යන්න ද මිනිසුනේ - 83 හැවිරිදි වයෝවෘද්ධ අයෙක්ව රෝහලට ගෙනි යන මුවාවෙන් කරපු කැත වැඩේ.. හද කම්පා වෙන සංවේදී දර්ශන සහිතයි.. (CCTV VIDEO/PHOTOS) | Accident At Pugoda

එම දර්ශන අසල සීසීටීවී කැමරාවක සටහන් ව තිබුණු අතර තුවාලකරු පසුව ජීවිතක්ෂයට පත් වී ඇත.

පූගොඩ පොලීසිය විසින් පළා ගිය ලොරි රථ රියදුරාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සිය ලොරිය ද සමගින් ය.

කෙසේ වෙතත්, සැකකරු පූගොඩ මහේස්ත්‍රත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

වීඩියෝ දර්ශන - Ada Derana