සරසවි සිසුවියක් ඇගේ සුරතල් සුනඛයත් සමගම මරණයට පත් වෙලා - හද මොහොතකට නතර කළ එම සංවේදී සිදුවීම..

Report

ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සරසවි සිසුවියක් ඇගේ සුරතල් සුනඛයත් සමගම මරණයට පත් වෙලා - හද මොහොතකට නතර කළ එම සංවේදී සිදුවීම.. | Accident At Kegalle

එම අනතුර සිදුව ඇත්තේ කෑගල්ල මංගල ගම ප්‍රදේශයේ දී ය.

මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා විය.

මියගිය තරුණිය 26 හැවිදිරි රඹුක්කන ප්‍රදේශයේ තරුණියක් වන අතර එම අනතුරින් ඇයගේ සුරතලා ද ජීවිතක්ෂයට පත් ව ඇත.

ජනප්‍රිය නිළියක් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටිය දී වහාම අත්අඩංගුවට..(PHOTOS)

ජනප්‍රිය නිළියක් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටිය දී වහාම අත්අඩංගුවට..(PHOTOS)


ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍ය පීඨයේ ඉගනුම ලැබූ සිසුවියක් වේ.

කෙසේ වෙතත්, තවත් නොබෝ දිනකින් උපාධිය සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටි සිසුවියක් බව සඳහන් වේ.

මේ අතර, ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගිය සිද්ධියක් වාර්තා වී ඇත.

පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී අදාල තුවාලකරුව සොයාගෙන තිබේ.

හැමෝම හොඳටම හඳුනන, ජනප්‍රිය නිළියකට ගුවන් තොටුපොළේ දී කම්මුල් පාරක්..(VIDEO)

හැමෝම හොඳටම හඳුනන, ජනප්‍රිය නිළියකට ගුවන් තොටුපොළේ දී කම්මුල් පාරක්..(VIDEO)


පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අදාළ චීවරධාරියා මරණකරුගේ ඥාතියෙකු බව සඳහන් වේ.

එම සැකකරු විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.