සුබ සාධන දීමනා ලැබෙන දිනය සහ ලබාගත හැකි තැන් ගැන ඇමතිගෙන් දැනුම්දීමක්..

Parliament of Sri Lanka Shehan Semasinghe Sri Lanka Politician Government Of Sri Lanka
By Aruna Aug 23, 2023 06:25 AM GMT
Aruna

Aruna

Report

වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනුවෙන් ජුලි මාසයට අදාළව රුපියල් මිලියන 2,684ක මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය ලබා දී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින්ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්ද එළඹෙන සිකුරාදා සිට ලබා ගත හැකි වේ.

ReeCha