මොනවද මේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හොර පත්වීම්..

Report

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව තනතුරු තුනක් ඇති කරමින් , ඉන් තනතුරු 2කට වැඩබැලීමේ පදනම යටතේ රුපියල් තිස්තුන් ලක්ෂ 8872 ක් ගෙවීම පිලිබදව ර‍ජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවවේ අවදානය යොමුවී ඇත.

පාසල් පාතාලයෙන් තවත් පිහි ඇනුම් වර්තාවක්..

පාසල් පාතාලයෙන් තවත් පිහි ඇනුම් වර්තාවක්..

ඒ, අදාළ කමිටුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාලන, ධාවන හා මූල්‍ය ලෙස තනතුරු 3 ක් අලුතින් ඇති කර එම තනතුරුවලට පත්වීම සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද කරණු අනාවරණය වී ඇත.

ගිනස් පොතට එක් වූ අපූරු විවාහය ..

ගිනස් පොතට එක් වූ අපූරු විවාහය ..

කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට නිර්දේශ කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසයි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ද එහිදී අවදානය යොමුව තිබේ .

කඳ සුරිදුගේ වාහනයට හදි කළ විදේශිකයා ඇතුළු ආදිවාසීන් පස්දෙනාට සිදුවූ දේ..

කඳ සුරිදුගේ වාහනයට හදි කළ විදේශිකයා ඇතුළු ආදිවාසීන් පස්දෙනාට සිදුවූ දේ..


විශේෂ අවසරපත්‍ර මගින් මගී ප්‍රවාහනය සඳහා බස් රථවලට ගමන්වාර ලබාදීම පිළිබඳ එහිදි අවදානය යොමුවී ඇති අතර නිලධාරින් පෙන්වා දි ඇත්තේ, අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඇතැම් බස් රථවලට වැඩි වාර ගණනක් ලබාදී ඇති බවයි.