පාසල් පාතාලයෙන් තවත් පිහි ඇනුම් වර්තාවක්..

By Piyumika Jun 15, 2024 08:10 AM GMT
Report

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක් සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර පොලිසිය වාර්තා කර සිටියේය .

එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 16 හැවිරිදි සිසුවකු බව පොලිසිය පවසයි .

ජපන් යන්න සිහින දකින ඔයාට සුබ ආරංචියක් ..

ජපන් යන්න සිහින දකින ඔයාට සුබ ආරංචියක් ..

සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල ඉදිරිපිට දී සිදුව ඇති අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මහනුවර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .