Hair Colour කරලා අමාරුවේ වැටෙන්න කලින් මේ දේවල් දැනගන්න
Hair colour කියන්නේ ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝම කරන දෙයක්. ගොඩක් අය තමන්ගේ හිතුමනාපෙට Hair colour කරනවා ,එහෙම නැත්නම් තමන්ම කරගන්නවා. ඒ වගේම සමහර අය හරි විදිහට තමන්ට ගැලපෙන Hair color එකක් තෝරාගෙන saloon එකකින් පිළිවෙලට කරගන්නවා.ඒ කොහොම වුණත් Hair color එකක් කරන්න කළින් දැනගන්න දැනගෙන ඉන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා.
Colour එක හිතන්න
කොණ්ඩෙට දාන්නේ මොන වගේ colour එකක්ද කියලා saloon එකට ගිහින් තෝරගන්න ලෑස්ති වෙන්න එපා.එහෙම වුණොත් වෙන්නේ ඔයා හිතුවෙවත් නැති පාටක් ගාන්න වෙන එක.ඒ නිසා ඔයා හිතාගෙන ඉන්න color එක මොකක්ද කියලා photo එකක්වත් අරගෙන beauticianට පෙන්නන්න.එහෙමත් නැත්නම් color කරන්න කලින් saloon එකට ගිහින් saloon එකේ තියන color palette එකෙන් ඔයාට ගැලපෙන සහ කැමති colour එකක් තෝරාගන්න.
Allergy Test
ගොඩක් අයට chemicals වලට අසාත්මිකතා වෙන්න පුළුවන්.ප්‍රථම වතාවට hair colour කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් allergy test කරන්නම ඕනේ .ඒ වගේම ඔයාට වෙනත් allergies තියෙනවා නම් ඒ ගැන beauticianට කියන්න අමතක කරන්න එපා .ඒ වගේම ඔයා saloon එකකට ගිහින් colour කර ගන්න හිතනවා නම් කලින් දවසේ hair colour එක කණ පිටුපස skin එකේ ගාලා allergy test එක කර ගන්න. Allergy එකක් වුණොත් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න. මතක ඇතුව wash කරන්න.
Saloon එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ කොණ්ඩේ wash කරගෙන යන්න අමතක කරන්න එපා.මොකද අපේ හිස්කෙස් වල තියෙන තෙල් ගතියත්, ඒ මත ඇති දුහුවිල්ලත් නිසා wash කරන්නේ නැතුව colour එක කළොත් හරියට colour එක කොණ්ඩේට හරියට හිටින්නේ නැහැ .
Light colour සහ dark colour
ලා වර්ණ වලින් හිසකෙස් highlight කරනවා නම් ඔයාට අනිවාර්යයෙන් bleaching කරන්නම වෙනවා.හැබැයි bleaching කරන එකෙන් කොණ්ඩෙට ලොකු Damage damage එකක් වෙනවා.Dark Colours වලින් වර්ණ ගන්වනකොට එහෙම ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ.බ්ලීච් නොකරම වර්ණ ගන්වන්න පුළුවන්. ඔයත් fashion කැමති කෙනෙක් girl කෙනෙක් නම් boy කෙනෙක් නම් ඔයාගේ hair colour සිහිනය සැබෑ කරගන්න කලින් Be Happy කිව්වා දේවල් කරන්නත් අමතක කරන්න එපා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |










