ඔබේ දරුවන් ගැන පරිස්සම් වන්න...වෛද්‍ය වරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්.

Covid Sri Lanka Children Richway arya hospital
By Aruna Aug 25, 2021 07:29 AM GMT
Aruna

Aruna

Report

දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් C ලබාදීම නුසුදුසු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

මේ දිනවල දරුවන්ට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍යවල විවිධ බෙහෙත් වර්ග පිළිබඳව සඳහන් කළද වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිඳු ඖෂධයක් දරුවන්ට නොදෙන ලෙසයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ දරුවෙකු එදිනෙදා වැඩකටයුතු කිරීමේදී කිසිඳු රෝග ලක්ෂණයකින් තොරව එකවරම ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු අගයට පත්වන අවස්ථා වර්තමානයේ දැකගැනීමට හැකි වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එහිදී හුස්ම ගැනීමේ අපහසුතා හෝ ඇවිදීමේ අපහසුතා වැනි කිසිදු රෝග ලක්ෂණයකින් තොරව ශරීරයේ ඔක්සිජන් මට්ටම එකවරම අවම වන බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා කියා සිටියේ.

එබැවින් හැකියාවක් පවතීනම් දවසකට දෙවරක් හෝ දරුවාගේ ශරීර ඔක්සිජන් මට්ටම පරීක්ෂාකර ගැනීම සුදුසු බවද විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කළා.

ඒ අනුව දරුවෙකු සුලු ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අනතුරුව ඔක්සිජන් මට්ටම මැන බැලීමේදී එය සියයට 94 ට වඩා අඩුවෙන් සටහන් වන්නේ නම් හෝ විවේකීව සිටි දරුවෙකුගේ ඔක්සිජන් මට්ටම සියයට 96 ට වඩා අඩුවේ නම් වහාම දරුවා රෝහල්ගතකළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now