''ආගමික හෝ ජාතික බෙදීම් ඇති නොකර, සාමය, සහජීවනය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් '' -අනුරාධපුර සිද්ධිය ගැන ජනප්‍රිය නළු හේමාල් රණසිංහ තැබූ ආන්දෝලනාත්මක සටහන මෙන්න
අද දහවල් අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහා අහෝසි කරන ලෙස බලකරමින් ඓතිහාසික රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලා වැඩසිටින ස්ථානයට වෙනත් පාර්ශ්වයක පිරිසක් පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා
රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයේ යෙදී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට ගනු ලැබුවා.
මේ සිදුවීම බෞද්ධයන්ගේ මෙන්ම මුළු මහත් රටේම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා
එහිදී මාරාන්තික උපවාසයක නිරත වන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු එම ස්ථානයේ රැඳී සිටි පිරිස සමඟ ශාසනයෙන් නෙරපූ රාජාංගනයේ සද්ධාරතන ඇතුළු ගිහි පිරිසක් පැමිණ බහින්බස් වීමක් සිදු විය
එම අවස්ථාවේ දී කස්සප හිමි ඇතුළු උපවාස භූමියේ රැඳී සිටි පිරිස එල්ල කළ පොලු ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියාගේ ඔළුව පැලී ලේ ගැලූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට සහ ඊට අදාළ ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය පිරිසක් පසුගිය දින කිහිපය පුරා රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරත වුණා
එම ස්ථානයට පැමිණි වෙනත් පිරිසක් සහ උපවාසයේ නිරත පාර්ශ්වය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය උණුසුම් වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ වහා මැදිහත් වී තිබුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවිධ මතවාද දක්නට ලැබුණා .
ඒ අතර ශ්‍රීලංකාවේ දක්ෂ බොහෝ දෙනාගේ ආදරය ආකර්ෂනය දිනාගත් හෙමාල් රණසිංහ සදහන් කරලා තිබුණේ මෙවන් අදහසක්
රුවන්වැලි සෑය අසළ උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට - උපවාස භූමිය කුඩු කරමින් පිරිසක් කඩා පනී
මම ශ්‍රී ලාංකික බෞද්ධයෙක්මි.
ආගම්වාදය සහ ජාතිවාදය අවුළුවමින්, ලෝක උරුමයක් වන අනුරාධපුර රුවන්වැලි මහසෑය පරිශ්‍රය තුළ ආරම්භ වූ උපවාසය හේතුවෙන් උද්ගත වී ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් සහ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන බාධාවන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත් තවත් එක් ලාංකිකයෙක් වෙමි.
පූජනීය ස්ථානයක ගෞරවය ආරක්ෂා කිරීමත්, ආගමික සහජීවනය රැකගැනීමත්, ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත් සියලු පාර්ශ්වයන්ගේ වගකීමකි. මහ අධිකරණය, රජය සහ මහානායක හිමිවරුන්ගේ මැදිහත්වීමෙන්, අදාළ නීතිමය කරුණු සැලකිල්ලට ගනිමින්, මෙම තත්ත්වයට සාධාරණ හා නීත්‍යනුකූල විසඳුමක් කඩිනමින් ලබාදිය යුතු බව මම විශ්වාස කරමි.
තවදුරටත් ආගමික හෝ ජාතික බෙදීම් ඇති නොකර, සාමය, සහජීවනය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමකි. —
හේමාල් රණසිංහ
ශ්‍රී ලාංකික බෞද්ධයෙක් සහ වගකිවයුතු පුරවැසියෙක්.