ලෝක උරුම කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට
By Mithu
ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණියක් වන ඇය තවත් කිහිප දෙනෙකු සමග සීගිරිය නැරඹීමට පැමිණි අවස්ථාවේ දී මෙම ක්රියාව සිදුකර ඇත.
මීට පෙරද විදේශිකයන් වගේම දේශීය සංචාරකයන් විසින් මෙවැනි ක්රියාවන් සිදුවූ අතර ඒ සියල්ලට නීතියේ ක්රියාමාර්ග ගනු ලැබීය.
ලෝක උරුමයක් ලෙස සුප්රසිද්ධ සීගිරිය කැටපත් පවුර ස්පර්ශ කර මේ ආකාරයෙන් විනාශ කිරීම නීතිමය වශයෙන් තහනම් කර තිබේ.