හික්කඩු ගිය විදෙස් තරුණයා දිය රකුසාට බිළිවෙයි...

Galle Sri Lanka Accident Death
By Aruna Jun 08, 2023 02:25 AM GMT
Aruna

Aruna

Report

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දියනෑමට ගිය විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (07) සවස් කාලයේදී එම රුසියන් ජාතිකයා දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂ නිලධාරීන් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා.

එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි රුසියන් ජාතිකයෙක්.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හික්කඩුව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now