අවුරුදු ගීතයක් විකෘති කෙරේ...ප්‍රසිද්ධ ගායකයෙකු ගෙන් රතු එළියක්..

Facebook Social Media
By Aruna Apr 14, 2024 08:44 AM GMT
Aruna

Aruna

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.

මෙම විමර්ශන එම අමාත්‍යංශය විසින් කරන බව පවසති.

රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බවයි වාර්තා වන්නේ.

විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ‌ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් , සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා කියා සිටී.

ඒසේම අදාළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.