කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්... (PHOTO)
By Parami Dissanayake
අද (26) නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන 02 වැනි ටෙස්ට් තරගයේදී ආරම්භක තරගයේ සිට නොකඩවා තරග 8කදී ලකුණු 50 සීමාව පසු කළ ලොව පළමු පිතිකරු ලෙස වාර්තා අතරට එක්වීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.
ඒ අනුව, එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබෙනවා. එමෙන් ම, කමිඳු මෙන්ඩිස් නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.
කෙසේ වෙතත් අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.
