බිහිසුණු වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට.
Sri Lanka Police
Gun Shooting
Murder
By Wayomi
ඊයේ (05) රාත්‍රීයේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ වෙඩිතබා පලාගොස් තිබෙනවා.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වන බාලයාවැව, බෝගහවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම වෙඩිතැබීම සඳහා T56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත් වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. පදවිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
