දරු උපතෙන් පසු නිවසට ආ සුරූපී මවට අත් වූ ඛේදනීය ඉරණම

Report

අද (10) උදෑසන මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ළිඳක් තුළ තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ, 29 හැවිරිදි එක්දරු මවක් වන අතර මෙය ඝාතනයක්ද සියදිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදුකරයි.

මෙම කාන්තාව මීට දින 11කට පෙර සිය දරු උපත සිදුකර ඊයේ දින රෝහලේ සිට නිවස වෙත පැමිණ තිබුණි.

එනම් මෙහිදී, නිවසේ සිටි සියලුදෙනා නින්දට ගොස් ඇති අවස්ථාවේදී මෙම කාන්තාව නිවසෙන් පිටතට ගොස් ඇති අතර ඇය යළි නිවස වෙත නොපැමිණීම හේතුවෙන් පවුලේ අය සහ ප්‍රදේශවාසීන් එක්වී ඇයව සොයා තිබුණි.

පසුව අද උදෑසන අදාළ කාන්තාවගේ සිරුර නිවස අසල තිබූ ළිඳ තුළ තිබී හමුවුණි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබේ.